Road to Peace

බෙදුම්වාදී එල්ටිටීඊ ත‍්‍රස්තවාදීන් ආරක්ෂක හමුදාවනට හා පුරවැසියනට ප‍්‍රහාර එල්ල කිරීම නිසා, ජනාධිපති ධුරයට පත්ව සති දෙකකට පමණ උදා වූ මාස 5 ක පමණ කාලය මහින්ද රාජපක්ෂට ඉතා අභියෝගාත්මක එකක් වූයේය. 2005 දෙසැම්බර සහ 2006 අපේ‍්‍රල් අතර කාලය තුළ එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන්ගේ සංහාර නිසා 600කගේ පමණ ජීවිත හානි සිදු වූ පසුබිමක ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉතා සංයමයෙන් හා ඉවසීමෙන් කටයුතු කිරීම අන්තර්ජාතික ඇගයුමට ලක් විණි. 2006 අපේ‍්‍රල් මාසයේ හමුදාපතිවරයා ඝාතනය කිරීමට එල්ටීටීඊ ත‍්‍රස්තයන් එල්ල කළ මරාගෙන මැරෙන ප‍්‍රහාරය අසාර්ථක වූ පසු එල්ටීටීඊ බලප‍්‍රදේශවලට සීමිත ප‍්‍රහාර එල්ල කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අවසර දුන්නේය. 2003 අපේ‍්‍රල් මාසයේදී එල්ටීටීඊ සංවිධානය ඒකපාර්ශ්විකව සාකච්ඡුාවලින් ඉවත්ව ගිය නමුදු සාමය හා සහයෝගීතාව පිළිබඳව තමා තුළ ඇති කැපවීම ප‍්‍රදර්ශනය කරමින් ඔහු නැවතත් සාකච්ඡුා ඇරඹුවේය. එහෙත් සාමය පිණිස ඔහු තුළ වූ උනන්දුවට එල්ටීටීඊ පාර්ශ්වයෙන් නිසි ප‍්‍රතිචාරයක් නොලැබුණි.

2006 මැද භාගයේදී එල්ටීටීඊ සංවිධානය නැගෙනහිර පළාතේ මාවිල් ආරු සොරොව්ව වසා දැමීය. 50000ක පමණ ජනයාගේ පානීය හා කෘෂිකාර්මික ජල අවශ්‍යතා අහිමිවී මානුෂීය අර්බුදයක් ඇතිවීමේ අවදානමක් හටගත් මේ අවස්ථාවේ ජනතාව වෙනුවෙන් අධිෂ්ඨානශීලීව තීන්දුවක් ගන්නට නොපැකිළව ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ සොරොව්ව විවෘත කිරීමට ආරක්ෂක හමුදා යෙදවූයේය. එයින් පසු, යුදඋපක‍්‍රමික වශයෙන් වටිනාකමක් ඇති ත‍්‍රිකුණාමලය වරායේ ආරක්ෂාව තහවුරු කරනු පිණිස නැගෙනහිර පළාතේ මුතූර්, සාම්පූර් බඳු ප‍්‍රදේශවලින් එල්ටීටීඊය පළවා හරින්නට ආරක්ෂක හමුදා කටයුතු කළ අතර අවසානයේ 2007 ජුලි මාසයේදී නැගෙනහිර පළාතම එල්ටීටීඊ ත‍්‍රස්තයන්ගෙන් මුදාගන්නා ලදී.

ත‍්‍රස්තවාදීන්ගෙන් මුදාගන්නා ලද ප‍්‍රදේශයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රතිස්ථාපනය කිරීමට කඩිනම් පියවර ගැනිණි. වසරක් ඇතුළත පළාත් පාලන මැතිවරණයක් මෙන්ම නැගෙනහිර පළාතේ පළමු පළාත් සභා මැතිවරණයද පවත්වන ලදී. පළාත් සභා මැතිවරණයෙන් ජයගත් හිටපු ළමා සොල්දාදුවකු වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහ ඇමතිවරයා වශයෙන් තේරී පත් විය.  එල්ටීටීඊයේ ප‍්‍රබලයකු වූ නැගෙනහිර නායක කරුණා අම්මාන් හෙවත් විනයාගමුර්ති මුරලිධරන් එල්ටීටීඊය හැරදමා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එක්ව ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ධුරයට පත්වීම නිසා ප‍්‍රජාතන්ත‍්‍රකරණ ක‍්‍රියාවලිය තවදුරටත් වර්ධනය විය.

යටිතල පහසුකම් වර්ධනය කිරීම හා නව ආයෝජන අවස්ථා උදාකරලීම මගින් නැගෙනහිර පළාතේ ආර්ථිකය දියුණු කරනු පිණිස ‘නැගෙනහිර නවෝදය’ වැඩපිළිවෙළ නොබෝ කලකින්ම ක‍්‍රියාත්මක කෙරිණි. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන කැපවීම තවදුරටත් ප‍්‍රදර්ශනය කරමින් 2012 දී නැවත වරක් නැගෙනහිර පළාත් සභා මැතිවරණයක් පවත්වන ලද අතර, ඔහුගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධානයට බහුතර බලය හිමි විණි.

උතුර මුදාගැනීම

ආරක්ෂක හමුදා මාවිල් ආරු ජයග‍්‍රහණය කිරීමෙන් පසු එල්ටීටීඊ හස්තයෙන් උතුරු පළාත් බේරා ගැනීමේ දැවැන්ත මානුෂීය මෙහෙයුම ඇරඹිණි. 2008 සැප්තැම්බරයේ උතුරු පළාතේ මෙහෙයුම් ඇරඹූ ආරක්ෂක හමුදාවෝ පුනරීන්, කිලිනොච්චි, අලිමංකඩ, මුලතිව් වැනි එල්ටීටීඊ මර්මස්ථාන ජයගනිමින් පෙරට ගොස් අවසානයේ 2009 මැයි 19 වැනිදා එල්ටීටීය සම්පූර්ණයෙන්ම පරාජයට පත් කළහ.

විදේශ මැදිහත්වීමක් මගින් ගැලවීමේ අපේක්ෂාවෙන් සිටි එල්ටීටීඊ නායකත්වයේ ආරක්ෂා කරනු පිණිස, යුද්ධයේ අවසාන අදියරයේදී, දහස් සංඛ්‍යාත සිවිල් ජනතාව පළමුව ආරක්ෂක පළිහක් වශයෙන්ද දෙවනුව ප‍්‍රාණ ඇපකරුවන් වශයෙන්ද යොදාගත් එල්ටීටීඊය එමගින් තම අනුකම්පා විරහිත භාවය ප‍්‍රදර්ශනය කළේය.

එල්ටීටීඊ ත‍්‍රස්තවාදය සාර්ථකව පරාජයට පත් කිරීමේ කාර්යයේදී ඉතා තීරණාත්මක සාධකයක් වූයේ, යුද්ධයේ අවසන් අදියරයේදී සටන් විරාමයක් ප‍්‍රකාශයට පත් කරන ලෙස බටහිර බලවතුන් හා රාජ්‍ය නොවන සංවිධාන කළ බලපෑම හමුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය ස්ථාවරය වෙනස් නොකිරීමයි. ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවයට කරනු ලබන බලපෑමක් ලෙස පවසා ඔවුන් කළ බලපෑම් ප‍්‍රතික්ෂේප කළ ඔහු, දෙමළ ඩයස්පෝරාවට හිතැති බටහිර බලවතුන්ගෙන් එල්ල වූ ආර්ථික සම්බාධක සහ වෙනත් තර්ජන හමුවේ නොසැලී සිටියේය.

ත‍්‍රස්තවාදය පරාජය කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ උතුරේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රතිෂ්ඨාපනයට ප‍්‍රමුඛස්ථානයක් දෙමින්, යුධ ජයග‍්‍රහණයෙන් කෙටි කලකට පසු, යාපනේ මහ නගර සභාව සහ වවුනියාව නගර සභාව සඳහා නියෝජිතයන් තේරීමේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පියවර ගත්තේය.

රට තුළ අවතැන්ව සිටි 3000000කට ආසන්න උතුරේ ජනතාව නැවත පදිංචි කිරීම පිණිසද විශේෂ කැපවීමකින් කටයුතු කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ සඳහා දින 180ක පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාවට නැංවූ අතර අදාළ කාලය තුළදී විශාල පිරිසක් නැවත පදිංචි කරවන ලදහ. යුද්ධය නිමා වීමෙන් වසර 3කට පසු එනම් 2012 සැප්තැම්බර මාසය වන විට 290,000කට අධික අවතැන් ජනතාව නැවත පදිංචි කරවීමට රජය සමත් විය. එමගින්, යුද ගැටුම් පැවති රටවල් අතරින් කෙටිම කාලක් තුළ සාර්ථකව එබඳු කාර්යයක් ඉටු කළ රට වශයෙන් ශ‍්‍රී ලංකාව වාර්තා පොතට වූයේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විශේෂ අවධානය යොමු වූ තවත් කාර්යයක් වූයේ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් හා විශේෂයෙන් එල්ටීටීඊ ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය කිරීමයි. රජයේ හමුදාවලට යටත්වූ එල්ටිටීඊ භටයෝ 11000ක් සිටියහ. සියලූ හිටපු ළමා සොල්දාදුවන් ඔවුන්ගේ දෙමාපිය භාරයට පත් කරන ලද අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් උතුරු පළාතේ සහ කොළඹ පාසල්වලින් සාමාන්‍ය පරිදි අධ්‍යාපනය ලබන්නට වූහ.

උතුරු පළාතේ ජනතාව රටේ සංවර්ධනයට දායක කරගැනීම හා උතුරේ සංවර්ධනය කඩිනම් කිරීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ‘උතුරු වසන්තය’ නමින් විශේෂ වැඩපිළිවෙළක් අරඹන ලදි. මේ යටතේ උතුරේ යටිතල පහසුකම් සංවර්ධනයට දැවැන්ත ආයෝජනයක් සිදු කෙරිණි. දේශීය විදේශීය බැංකු හා විවිධ මූල්‍ය ආයතනද තම ශාඛා ආරම්භ කිරීම නිසා උතුරු පළාත තුළ සැලකිය යුතු ආයෝජනයන් සිදු කෙරිණි.

සංහිඳියාව

ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා බහුවිධතාව පිළිබඳ තමා තුළ ඇති කැපවීමත් දශක තුනකට අධික කාලයක් මුළුල්ලේ රට තුළ යුද වාතාවරණයක් තිබූ රටක ජීවත් වන විවිධ ජන කොටස් අතර සංහිඳියාවක් ඇති කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ඔහු තුළ වූ අවබෝධයත් නිසා, 2010 මැයි මාසයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් උගත් පාඩම් හා ප‍්‍රතිසංවිධානය සඳහා වූ කොමිසමක් පත් කරන ලදි. එල්ටීටීඊ සංවිධානය සමග සටන් විරාමයකට ඒමට මුල් යුගයේ ගත් උත්සාහයන් ව්‍යර්ථවීමට හේතු, එල්ටීටීඊ ත‍්‍රස්තවාදය හා ඊට එරෙහි ක‍්‍රියාමාර්ග නිසා ජනතාවට විඳින්නට සිදුවූ ගැහැට, යුක්තිය පසිඳලීම පදනම් කරගනිමින් වාර්ගික සංහිඳියාව ඇති කිරීම යන කරුණු පිළිබඳව අධ්‍යයනය කිරීම කොමිසම පත් කිරීමේ අරමුණු අතර විණි.

උගත් පාඩම් හා ප‍්‍රතිසංවිධාන කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමේ කාර්යාවලිය නිරීක්ෂණය සඳහා ජාතික වැඩපිළිවෙළක් සකසන ලද අතර එම කාර්යාවලියට සම්බන්ධ ආයතන ගණනාවක් සමග සාකච්ඡුා වට කිහිපයක්ද පැවැත්විණි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ එම වැඩපිළිවෙළ ලැබූ සාර්ථකත්වය මේ වෙබ් අඩවියෙන් දැකගත හැකිය.